Blood Sugar Tests – රුධිර සීනි පරීක්ෂණ

Blood Sugar Tests – රුධිර සීනි පරීක්ෂණ

ප්‍රධාන වශයෙන් රුධිර සීනි පරීක්ෂණ වර්ග කිහිපයකි. එනම් ,

  1. FBS (Fasting blood sugar)
  2. RBS (Random blood sugar)
  3. PPBS (Post prandial blood sugar)
  4. OGTT (Oral glucose tolernnce test)
  5. GCT (Glucose challenge test)
  6. Sugar Profile
  7. HbA1C

FBS – Fasting Blood Sugar ‍(නි‍රා‍හා‍ර ‍‍රුධි‍ර ‍සී‍නි ‍ප‍රීක්‍‍ෂා‍ව)

මෙය නිරාහාරව සිට කරන රුධිර පරීක්ෂාවකි.

සාමාන්‍ය නිරොගී පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි ප්‍රමාණය 80 – 110mg/dl අතර පරාසයක විහිදේ. සාමාන්‍යයෙන් ආහාර ගෙන පැයකට පමණ පසු 120 – 140mg/dl පමණ අගයක් ගනී.

ආහාර ගෙන පැය දෙකකට පමණ පසු නැවතත් එය සාමාන්‍ය අගයට පත් වේ.   නමුත් සමහර පුද්ගලයන්ගේ මෙය නිසි පරිදි සිදු නොවේ.

මේ පරීක්ෂණය සදහා සාමාන්‍යයෙන් පැය 10  – 12 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය. බොහෝ විට සිදුකෙරෙනුයේ රාත්‍රී ආහාරයෙන් පසු උදෑසන තෙක් නිරාහාරව සිට උදෑසන රුධිර සාම්පලය ලබා දීමයි. නමුත් ජලය පානයට කිසිදු බාධාවක් නැත.

 

 

FBS වාර්තාවක්
FBS වාර්තාවක්

පරීක්ෂණයේදී ලද රුධිර සීනි මට්ටම එය සිදු කල රසායනාගාරයේ සාමාන්‍ය අගය පරාසය අනුව සසදා බැලිය යුතුය.

ඉහත වාර්තාවට අනුව සාමාන්‍යයෙන් නිරොගී පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටම 70 – 100 mg/dl පමන වෙයි. සීනි මට්ටම 101 – 125 mg/dl නම් සීනි අවශෝෂණය කරගැනීමේ දුර්වලතාවයකි. සීනි මට්ටම 126 mg /dl ට වඩා වැඩි නම් එය දියවැඩියා තත්වයකි.

RBS – Random Blood Sugar (අහඹු රුධිර පරීක්ෂාව)blood-sugar

මෙය ඕනෑම අවස්ථාවක සිදු කල හැකි රුධ්ර පරීක්ෂණයකි. ආහාර ගත් වේලාව සලකනු නොලැබේ.

මෙය රසායනාගාරයක් මගින් ද සිදුකල හැකි අතර, තවත් පහසු සරල හා ඉක්මන් ක්‍රමයක් ඇත. එනම් ග්ලුකොමීටර් නම් උපකරණය භාවිතා කිරිමයි.

PPBS – Post Prandial Blood Sugar

ආහාර ලබාගෙන පැය 2 කට පසුව රුධිරය ලබාගෙන පරීක්ෂණය සිදු කරයි.

මෙමගින් ප්‍රති දියවැඩියා ඖෂධ වල ක්‍රියාකාරිත්වය සහ ගැබිනි මවු වරුන්ගේ සීනි පාලනය පරීක්ශා කල හැක.

OGTT – Oral Glucose Tolerance Test 

මෙම පරීක්ෂණය මගින් ග්ලූකෝස් දරාගැනීමේ හැකියාව හා අවශෝෂණය කිරීමේ හැකියාව මනිනු ලැබේ.

මෙම පරීක්ෂණය සිදුකිරීමට ප්‍රථම FBS පරීක්ෂණයේ මෙන්ම පැය 8 – 10 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය. ඉන් පසුව රුධිර සාම්පලයක් හා මුත්‍රා සාම්පලයක් ලබාගනී.

ඉන් පසුව රෝගියාට ග්ලුකෝස් 75g ක් ජලය  250 ml ක දියකර බීමට දෙනු ලැබේ. එම ප්‍රමාණය මි.5 ක් වැනි කාලයක් තුලදී පානය කල යුතුය. (සමහර රෝගීන්ට මෙම ග්ලුකෝස් පානය කිරීමේදී වමනය යා හැක. එම නිසා ලයිමෝල් බින්දු කිහිපයක් හෝ දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කල හැක. නමුත් නිවැරදි ක්‍රමය වන්නේ ග්ලුකෝස් හා ජලය පමණක් පානය කිරීමයි.)

ග්ලූකෝස් පානය කර පැයකින් හා පැය දෙකකින් රුධිර සාම්පලයක් හා මුත්‍රා සාම්පලයක් බැගින් ලබා ගනී.

එසේ රුධිර සාම්පල පරීක්ශා කර ලැබෙන අගයන් ප්‍රස්ථාර ගත කල විට පහත පරිදි වේ.

OGTT curve
OGTT curve

Home

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s