ESR පරීෂණය (Erythrocyte Sedimentation Rate / රතු රුධිරානු අවසාධිත අනුපාතය)

මෙම පරීක්ෂණය ද බහුලව සිදු කරනු ලබන පරීක්ෂණයකි.

නමුත් මෙය කිසියම් රෝගයක් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන පරීක්ෂණයක් නොවේ.

කුමන හෝ ආසාදනයකදී ESR අගය වෙනස් වේ.

මෙම පරීක්ෂණය සිදුකිරීම සදහා කිසිදු පෙර සුදානමක් අවශ්‍ය නොවන අතර රසයනාගරයකට ගොස් රුධිර සාම්පලයක් ලබදීම ප්‍රමාණවත් වේ.

මෙම පරීක්ෂණයේ දී ESR tube නැමැති  පරිමාණය කරන ලද  සිහින් දිගු නලයකට රුධිරය පුරවා පැයකින් හා පැය දෙකකින් රුධිර සෛල අවසාධනය වී ඇති ප්‍රමාණය ලබාගනී.

‍රු‍ධි‍ර‍ය ‍සෑ‍දී ‍ඇත්‍‍තේ  ‍රු‍ධි‍ර ‍සෛ‍ල ‍ස‍හ ‍රු‍ධි‍ර ‍ත‍ර‍ල‍යෙ‍න් බව FBC ලිපියේ විස්තර කර ඇත .

එම රුධිර තරලය (ප්ලාස්මාව) සමග මිශ්‍ර වී ඇති රුධිර සෛල, රුධ්ර නලයක් තුලදී, පරීක්ෂණ නලයක් තුලදී හෝ ESR නලය තුලදී එම නලයේ පහලට ගමන් කරයි. ESR නලය මගින් මෙම ප්‍රමාණය නිවැරදිව ගණනය කල හැක.  

සමහර රසායනාගාර වල මෙම අගය පැයකින් හා පැය දෙකකින් වාර්තා කරන අතර සමහර රසායනාගාර වල එක් පැයක අගය පමණක් වාර්තා කරයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ පළමු පැයේදී  සාමාන්‍ය ESRඅගය,

වයස අවුරුදු 50 ට අඩු නිරෝගී වැඩිහිටි පිරිමි පුද්ගලයෙකුගේ 15 mm දක්වා ද,

වයස අවුරුදු 50 ට අඩු නිරෝගී වැඩිහිටි ගැහැණු පුද්ගලයෙකුගේ 20 mm දක්වා ද,

වයස අවුරුදු 50 ට වැඩි නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ 20 mm දක්වා ද,

වයස අවුරුදු 50 ට වැඩි නිරෝගී ගැහැණු පුද්ගලයෙකුගේ 30 mm දක්වා ද වේ.

 

ESR අගය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගන්නා අවස්ථා,

  • anemia
  • kidney disease
  • lymphoma
  • multiple myeloma
  • old age
  • pregnancy
  • temporal arteritis
  • thyroid disease
  • Waldenstrom’s macroglobulinemia
  • certain types of arthritis

ශරීරයෙහි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අක්‍රමවත් වූ විටද ESR අගය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගනී.

  • systemic lupus erythematosus
  • rheumatoid arthritis
  • giant cell arteritis
  • polymyalgia rheumatica
  • primary macroglobulinemia
  • too much fibrinogen in your blood, or hyperfibrinogenemia
  • allergic or necrotizing vasculitis

සමහර අසාධන අවස්ථා වලදීද ESR අගය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගනී. එනම්,

  • bone infection
  • heart infection
  • heart valve infection
  • rheumatic fever
  • skin infection
  • systemic infection
  • tuberculosis

ESR අගය සාමාන්‍ය අගයට වඩා අඩු වන අවස්ථා,

  • congestive heart failure
  • hypofibrinogenemia
  • leukocytosis
  • low plasma protein
  • polycythemia
  • sickle cell anemia

කෙසේ උවද මෙම පරීක්ෂණය මගින් යම් රෝගයක් ඍජුවම හදුනාගත නොහැකි අතර ඒ සදහා එම රෝගයන්ට අදාල අනෙකුත් පරීක්ෂණ ද සිදුකල යුතුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s